Like වලට Comments වලට මුදල් ගෙවන සමාජ ජාලයක්


ෆේස්බුක් සමාජ ජාලය ලොව පුරා ජනප්‍රියත්වයට පත්වුයේ දිනෙන් දින එයට එකතුවූ නිර්මාණ (Content) හේතුවෙනි. ෆේස්බුක් පරිශීලකයන් විසින් එක් කරන ලද ඡායාරූප, වීඩියෝ, වෙනත් නිර්මාණ හරහා ජනප්‍රියත්වයට පත් වූ ෆේස්බුක් ඒ තුලින් විශාල  ආදායම් ඉපයීමක් ලැබුවද, පරිශීලකයන්ට කිසිදු මුල්‍ය ප්‍රතිලාභයක් ලබාදීමට උත්සුක වී තිබුනේ නැත.

එම අඩුපාඩුව පෙන්වා දෙමින් ඔබේ නිර්මාණ වලට (Content) වලට වටිනාකමක් ලබාදෙන නවතම සමාජ ජාල වෙබ් අඩවික් මේ වනවිට සීග්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව තිබේ. මෙම සමාජ ජාලය හඳුන්වා ඇත්තේ TSU නමිනි. මෙහි ඇති විශේෂත්වය වන්නේ පරිශීලකයන්ගේ නිර්මාණ මගින් උපයන මුදලින් 90% ක් ම පරිශීලකයන්ට ලබාදීමට TSU කටයුතු කිරීමයි.



මෙම සමාජ ජාලයේ ඔබට ෆේස්බුක් මෙන්ම Status දැමීම, ඡායාරූප එක්කිරීම කල හැකි අතර ඒවාට Like, Comment, Share, වැටෙන විට ඔබට ගෙවීමක් සිදුකරනු ලැබේ. මෙහි ඔබ බෙදාහැරිය යුත්තේ ඔබගේ නිර්මාණ පමණි. වෙනත් අයගේ හිමිකාරිත්වය සහිත ඒවා දැමු විට ඒවා ඉවත් කිරීමට මෙම සමාජ ජාලය කටයුතු කරනු ලැබේ.

TSU වෙබ් අඩවිය අන්තර්ජාලය වෙත එක්කොට ඇත්තේ සාමාජිකයන්ට මුදල් ගෙවීම සඳහා ඩොලර් මිලියන හතක අරමුදලක් වෙන් කිරීමෙන් අනතුරුවයි.

මෙම වෙබ් අඩවියට පිවිසීම මගින් මෙහි සාමාජිකයෙකු වීමට නොහැකි අතර වෙනත් TSU පරිශීලකයෙකුගේ ගිණුමක් හරහා පමණක් TSU ගිණුමක් ඇරඹීමේ පහසුකම ඔවුන් සලසා අැත.

අපගේ ගිණුම හරහා TSU ගිණුමක් අරඹීමට පහත සබැඳියෙන් පිවිසෙන්න.


https://www.tsu.co/OriginalLuck

ෆේස්බුක් සාමාජිකයින් විශාල වශයෙන් tsu ට එකතු වෙමින් සිටිනවා, එහෙත් මෙම සමාජ ජාලය විසින් ෆේස්බුක් බංකොලොත් කරවාවි කියල අපිට හරියටම විශ්වාස නෑ. ඒත් අපි සියල්ලම ඒකට එකතු වුවහොත් අනාගතයේදී ෆේස්බුක් එකෙනුත් එහි පරිශීලකයින්ට තම ලාභය ගෙවන්න කටයුතු කරාවි. අපේ රටේ සමහර තරුණ තරුණියන් ෆේස්බුක් එකේ ඉන්න හැටියට ඔවුන්ට ලොකු ආදායමක් ලැබේවි.



Make a Free Website with Yola.